Tuesday, January 8, 2013

දිවා ගුහාව බැතිමතුන්ගෙන් පිරේ

සිරිපා සමය ඇරැඹීමත් සමගම දිවා ගුහාව වන්දනාමාන කිරීම සඳහා බෞද්ධ ජනතාවගේ උනන්දුව බෙහෙවින් ඉහළ ගොස් ඇත. ක්‍රි.ව. 1187 - 1196 අතර කාලයේ නිශ්ශංකමල්ල රජතුමා විසින් සිරිපා වන්දනා කළ බව දැක්වෙන සෙල් ලිපි දෙකක්ද මෙම ගුහාවේ දක්නට ඇත.

මෙය සොයාගනු ලැබුවේ වසර 2593 ට පසුව බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති. කෙසේ නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය දිවාගුහාව ලෙස මෙතෙක් තහවුරු කර නොමැති බවයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Macys Printable Coupons