Tuesday, January 8, 2013

2013 වසර යහපත් කරගන්න පින්වත් ඔබට උපදෙසක්


එළැඹෙන්නා වූ නව වසරේ දී ඔබ දිනපතා උදෑසන පහන් පත්තු කර බුදුන් වැඳ .බුද්ධ පූජාව පූජාකර අධිෂ්ඨාන ප්‍රාර්ථනයක් කරන්නේ නම් ඒ ප්‍රාර්ථනය සඵල කරගත හැකි බව මීගහවෙල සුමනශාන්ත හිමියෝ පවසති. සෑම උදෑසනකම බුද්ධ පූජාව තියා ඔබගේ යම් ප්‍රාර්ථනයක් අධිෂ්ඨානයක් 7 වරක් 7 දිනක් කිියවන්න. ඉන්පසු අධිෂ්ඨානයක් කරන්න. 


මාගේ මේ සත්‍ය ක්‍රියාවේ ආනුභාවයෙන් මාගේ අපල දුරු වේවා. රැකියාවේ උසස්වීම් ලැබේවා. දරුවන්ගේ දියුණුව සැලසේවා කියලා.
මවුපියන්ට තමන්ගේ දරුවා අවනත නැතිනම් පහන් පත්තු කර බුද්ධ පූජාව තියා දරුවාගේ නම හත්වාරයක් සෑම උදෑසනකම කියවා මගේ අධිෂ්ඨානයේ බලයෙන් දරුවාගේ නොමනා ක්‍රියා දුරුවේවා; යහපත් කීකරු දරුවෙක් වේවා; යහපත් අනාගතයක් උදාවේවා කියල ප්‍රාර්ථනා කරන්න. මෙලෙස දවස් හතක් කරන්න. 
මස් මාළු අනුභවයෙන් වැලකී මෛත්‍රි භාවනාව වඩමින් මේ අධිෂ්ඨානය කිරීමෙන් බලගතු බව වැඩිවෙන බව උන්වහන්සේ තවදුරටත් පැවසූහ. එමෙන්ම නව වසරේ දී ඔබගේ නිවසට යහපත සැලසෙන තවත් පිංකමක් තිබෙනවා. සෑම නිවසකම උදෑසන පහන් පත්තු කර බුදුන් වැඳ අටවිසි පිරිත සජ්ක්‍ධායනා කිරීමෙන් ඉමහත් සෙත සැලසෙන බව මීගහවෙල සුමනශාන්ත හිමියෝ පවසති.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Macys Printable Coupons